Sunday, June 4, 2023

 තේරෙන්නම ඕනෙ නෑ!!





අපි හැමෝගෙම ජීවිත වලට යම් කිසි තේරුමක් තියෙනවා අනිවාර්යෙන්ම. නමුත් ජීවිතේ තියෙන, ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයක්ම අපිට තේරෙනව ද කියන එක ප්‍රශ්නයක්. 

ඔයාට ඔයාගෙ ජීවිතේ සිද්ධ වෙන හැම දෙයක්ම තේරෙනවද?😲

ඇත්තටම ඒ හැම දෙයක්ම තේරෙන්නම ඕනෙද අපිට ජීවත් වෙන්න? මගේ අදහස නම් එහෙම නෑ කියන එක. ඔයා මගේ අදහසට එකඟ වෙන්නම ඕනේ නෑ. ඒත් අපි පුංචි උදාහරණයකුත් අරන් බලමු.


දල වශයෙන් ගත්තොත් අපේ ශරීරයේ වර්ග 200කට පමණ අයත් වන සෛල ට්‍රිලියන 37කට වඩා තියෙනවා. එක් දවසකට මේ සෛල අතරින් දළ වශයෙන් බිලියන 50 කට වඩා මිය යනවා. එක් තත්පරයක් තුළ රසායනික ප්‍රතික්‍රියා බිලියන බිලියන 37ක් පමණ අප ශරීරය තුළ සිදුවෙනව(37 අංකයේ අගට බිංදු 21ක් දැමීමෙන් ලැබෙන අගය)


මේ දේවල් තේරුම් ගන්න ගියාම ටිකක් අමාරුයි නේද? තව ගොඩාක් තියෙනවා නමුත් ඔලුව ටිකක් විකාර වෙන නිසා ඇති වගේ..


අපි මේ මොහොතේ ජීවත් වෙන ශරීරය ගැන අපට තේරුම් ගන්න අමාරුයි. නමුත් අපි ජීවත් වෙනවානෙ... මේ ශරීර ක්‍රියාවලිය තේරුම් ගැනීමට ගියොත් මනසට අවුල් සහගත වේ. එසේම මෙම ක්‍රියාවලිය නොතේරෙනවා යි කියා එය ප්‍රතික්ෂේප කළහොත්????!!


 ඕනෑම අයෙක් ජීවත් වෙන්නේ ශරීර කූඩුවක් තුළ. අපි කනවා, බොනවා, අවශ්‍ය විට බෙහෙත් ගන්නවා. තම තමන්ගේ ශරීර කූඩුව නඩත්තු කරනවා. විශේෂඥ වෛද්‍යවරයෙකු වූවද මුළු ශරීරය පිළිබඳවම සියල්ලක්ම තේරුම් අරගෙන සිටිනවා යැයි කිව නොහැකිය. ඉතින් මේ තුළ අප ඉපදුන මොහොතේ සිටම ජීවත් වූයේ අප ජීවත් වන තැන වූ මේ ශරීරය මුළුමනින්ම තේරුම් නොගෙනයි. ඉදිරියේදීත් මරණය වන තෙක්ම මෙය සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට හැකි වේ ද යැයි කිව නොහැකිය. නමුත් අපි හමෝම ජීවත් වෙනවා.


ජීවිතයේ හැම දේම ඒ වගේ. අපිට හැමදේම තේරුම් ගන්න අමාරුයි. එහෙම හැමදේම තේරුම් ගන්න යන්නත් එපා. එහෙම වුනොත් ටිකක් අපහසු. ඒකයි කියලා තේරුම් නෑ කියලා ප්‍රතික්ෂේප කරන්නත් එපා. මොකද තේරෙන්නේ නැතිවුණා කියලා අපිට ඒ දේවල් පරිහරණය නොකර ඉන්නවත්, ඒ දේවල් සමග ජීවත් නොවී ඉන්න වත් බැහැ.
ඔබත් මමත් මේ මොහොතේත් ජීවත් වෙන්නේ මේ තේරුම් නොගත් ශරීරයක් තුළ. තේරුම් නොගත් ශරීරයක් එක්ක ප්‍රතික්ෂේප නොකර ජීවිත කාලයක් ගෙවන්න පුළුවන් නම් හැම දෙයක්ම තේරෙන්නම ඕනෙ නෑ ජීවත් වෙන්න. අමාරුවෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනෙත් නෑ. හැබැයි අපිට තේරෙන දේවල් අවබෝධයෙන් බලන්න. තේරුම් ගන්න උත්සාහ කරමු නමුත් තේරෙනේ නැතත් කමක් නෑ. 

සරලව ගන්න. ජීවත් වෙන්න. අමතක කරන්න එපා මේක One Way පාරක්.අපිට ජීවිත ගමනේදී පිටිපස්ස හැරිලා බලන්න පුළුවන්. හැබැයි පිටිපස්ස හැරිල ආපහු යන්න බෑ.😊


(04/06/2023 දින ගරු ලින්ටන් ජෝසප් පියතුමා විසින් සිදුකරන ලද දිව්‍ය පූජා දේශනයක අදහස ඇසුරින් ගොඩනගන ලද ලිපියකි.📖✎)

4 comments:

  1. Superb advice. hithata vadhuna

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Thank you so much for sharing all this wonderful info with the how-to’s!!!! It is so appreciated

    ReplyDelete
  4. Nice article dilki.keep it up good luck

    ReplyDelete

Your lifestyle matters.

stay healthy  You need to stay healthy to run this journey...