Monday, May 22, 2023

දිශාව

 දිශාව


Wrong Side යන්නේ නැතුව හරිම Side එක අපි තෝරගමු....





ප්‍රධාන දිශා සතරකි. උතුර, නැගෙනහිර, දකුණ සහ බස්නාහිර. අනු දිශාද සතරකි. ඊසාන, ගිනිකොන, නිරිත සහ වයඹ. මේ කාවුවද දන්නා දිශා අටයි. කුඩා කල සිටම මවුපියන්, ගුරුවරුන් ඉගැන්වූ දිශා අටයි. අප යායුතු දිශාව කුමක්ද?
මෙයයි සැබෑම ගැටලුව යා යුතු දිශාව කුමක්ද? යායුතු දිශාව ඇත්තේ කොහේද? යායුතු දිශාව අපට පෙන්වන්නේ කවුරුන්ද? මෙය සොයා ගන්නෙ කෙසේද? දැනට අප හැරී සිටින දිශාව නියම දිශාව ද? එසේ නැත්නම් සිටිනා තැනින් හැරිය යුතු තවත් සුදුසුම දිශාවක් තිබේද? ගැටළු නම් බොහෝය.. පිළිතුරු කොහේද?? අවසානයේ එයත් තවත් ප්‍රශ්නාර්ථයකි?? කෙසේ වුවද යායුතු දිශාව සොයා ගත යුතුය. එයට අනුවයි ජීවිතය ගොඩනැගී ඇත්තේ. 
බොහෝ දෙනා ජීවිතයේ සතුට සොයා යන්නේ ජීවිතය විඳීමට බලාපොරොත්තුවෙන්. මේ සතුට ලබා ගැනීමට අපට උපකාරී වන එක් සාධකයක් මුදල්. මේ සාධකය ලබාගැනීමට ඇතැමෙක් මුළු ජීවිත කාලයම ගෙවා දමයි. මුදල් සතුට සොයා ගැනීමට උපකාරී වන එක් සාධකයක් පමණක් බව අමතක වේ. දැනටත් අපි බොහෝ දෙනා සිරවෙන තැනකි මෙය. සතුට ද? මුදල් ද? පුංචි කල සිට ඇතැම් අවස්ථාවල මේ අතර අප ගැටේ. උදාහරණයක් ගත හොත් අපොස සාමාන්‍ය පෙළ විභාගයට තෝරාගන්නා විෂයන් වල දී පවා මෙය මතුවේ. මම තෝරා ගන්නා විශයේ අන්තර්ගතය නොව එයින් මට අනාගතයේ දී ඇති ඵලය කුමක්ද? රැකියාවක් සොයා සොයාගැනීමේදී එය මට උපකාරී වේද? එම අවස්ථාවේ ගොඩනැඟුණු සරල ගැටලුවක් වුවද, එයට සරල පිළිතුරක් ද හමු වුවද  සැබැවින්ම එය ගැටළුවට තාවකාලිකව පිළිතුරක් පමණි.
අප ගැටෙන්නෙ නිගාමි විද්‍යාවක් සමග නොව. සමාජයක් සමඟ. සෑම දෙයක්ම අවිනිශ්චිතයි, සාපේක්ෂයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට අපූර්වත්වයක් ඇත. පොදුවේ සාමාන්‍යකරණය කෙරුණු කරුණු තිබිය ද එක් තැනැත්තෙකුට සුදුසු දේ තවත් අයෙකුට සම්පූර්ණ අහිතකර විය හැකි. අප තෝරාගත යුත්තේ අපට සුදුසු දිශාවයි. තීරණ ගැනීමේදී අප ගැටෙන පිළිතුරු අතරින් අප සෙවිය යුත්තේ අප යා යුතු දිශාවයි. නිවැරදි දිශාව හඳුනා  ගත්තද ඒ අතට හැරී පියනැගීමට අපට ආත්මවිශ්වාසයක්, ශක්තියක් තිබේ ද? පුංචි කල සිට දරුවකු ප්‍රගුණ කළ යුත්තේ මෙයයි. ශක්තිමත් කොදුනාරටියක් සහිත පුද්ගලයෙකු බිහි විය යුත්තේ. නියම තීරණය ගන්න සැක සිතක් කුමකටද? නිවැරදි දිසාවෙන් කිසි විටෙකත් දෙනෙත් අහකට නොදමන්න. අප ජීවත් කරවන්නේ සිහිනයි. ඒ නිදි පැදුරේදි දකින සිහින නොවේ. දෙනෙත් හොඳින් විවෘත කර දහවලේදී දකිනා හීනයි. එහෙත් අපට සැබැවින්ම තිබිය යුත්තේ සිහිනයකට වඩා එහා ගිය අරමුණකි. සිහින බොද වීමට හැක. නමුත් අරමුණු කරා යාමට ඇති දුර පමණක් වෙනස් වනු ඇත.
 අදෘශ්‍යමාන කුමක් හෝ දිශාවකට අපගේ මුළු දිවියම පියනගන්නේ. නමුත් ඒ කුමක් හෝ දිශාව නිවැරදි සුදුසුම දිශාව ද යන වගයි සිතිය යුත්තේ. දෙගුරුන් ඉගැන්විය යුත්තේ ස්ථාවර දිශා අට පමණක්ම නොවෙයි යායුතු දිශාවයි. ඒ සඳහා ශක්තිමත් විය යුත්තේ කෙසේද යන්නයි. අවසානයේ අපේ දිශාව තීරණය කරන්නේ අපමයි.


1 comment:

Your lifestyle matters.

stay healthy  You need to stay healthy to run this journey...