Wednesday, May 24, 2023

විවිධත්වයේ වටිනාකම්

 විවිධත්වයේ වටිනාකම්


"අතේ ඇඟිලි පහම එක වගේ නෑ"

     මේක අපි ඕනම කෙනෙක් පොඩි කාලේ ඉඳන් හොඳින්ම දන්න දෙයක්. අත දෙස මොහොතකට එයටම සිත යොමුකර බලන්න..ඔව් බැලූ බැල්මට එක හැඩයක් තිබුනත් ඇඟිලි පහම එකිනෙක ට වෙනස්. එක ඇඟිල්ලක් හරි ටිකක් දරුණුවට තුවාල වුනොත් ඒ පාඩුව අනිත් ඇඟිලි වලට ද, මුළු අතටම ද, මුළු ශරීරයටම දැනෙනවා. අතේ නම් ඇඟිලි පහක් තිබුනට ලෝකෙ මිනිස්සු බිලියන ගණනාවක් ඉන්නවා.එකිනෙකට සම්පූර්ණයෙන්ම විවිධ මිනිස්සු බිලියන 7.8 ක් ලොව පුරා වාසය කරනවා. මේ සෑම අයෙකුම පෙර නුදුටු විරූ අපූර්වත්වයකින් යුක්තය. ලොව වාසය කරන සෑම පුද්ගලයෙකුම ඔබ වගේ වුණහොත් තැනක් වේවි ද? විවිධ අලස කමින් පිරේවී ද? යහපත් වේවි ද? අයහපත් වේවිද? සුන්දර වේවිද? එයට පිළිතුර ඔබේ සිතේ ඔබට පමණක්   පෙනෙන තැනක නිදන් වී පවතී. ඔබ ඔබට වටිනාකමක් මේ සමාජය තුළ හිමිකර දී තිබෙනවාද? තමන් දන්නා දෙයින් තමන්ට පුළුවන් දෙයින් වටිනාකමක් ගොඩනගාගෙන තිබෙනවා ද? මව පියාට සහෝදර සහෝදරියන්ට ගුරුවරුන්ට යහලුවන්ට එය කළ නොහැකියි. අප ජීවිත කාලය තුළ රැස් කර තිබෙන දෙයින් පමණයි අපිට අපේ වටිනාකම ගොඩනැගිය හැක්කේ.


රතු නම් ප්‍රබල වර්ණයෙන් වර්ණවත් වූ මල් සහිත ගස් ඇති වතුයායක එක දම් පාට මල් සහිත ගසක් තිබුණහොත් කෙතරම් වර්ණය ප්‍රබල වුවත් අප දෙනෙත් යොමු වන්නේ නිසැකවම දම්පාට ගසටම ය. කෙතරම් ප්‍රබල වුවද ජනප්‍රිය වුවද එයට වඩා වටිනාකමක් අපගේ අපූර්වත්වය තුළ අපට ගොඩනඟා ගත හැක. යහපත් දෙයින් ආදර්ශයක් ගෙන එහි වටිනාකම් සමාරෝපණය කර අප අපවම ගොඩනඟා ගන්නවා මිස අනුකරණය කිරීමක් තුලින් අපට වටිනාකමක් ගොඩනැගීම අපහසුය.
සරළව ගතහොත් වෙන අයෙකු අනුකරණය කරමින් එම චරිතය වගේ වනවාට වඩා තමා තමා තුළම සිට තමන්ගෙ වටිනාකම් ගොඩනැගිය යුතුයි. මහාචාර්ය.Stephen Hawkings ට වටිනාකමක් එක් වුණේ ඔහු වගේ තව පුද්ගලයින් ලොව බිහිවී නැති නිසයි. ඔහු වගේ ලොව තවත් අය සිටියා නම් ඔහුත් තවත් එක් පුද්ගලයෙක් ම පමණයි. අපූර්වත්වය තුළයි වටිනාකම්වලත් නිධාන වැළලී ඇතතේ.
අප සොයනා නිධානයත් අපගේ අපූර්වත්වය තුළම වැළලී ඇත. එම නිධාන සොයාගැනීමට අවශ්‍ය උපකරණ සොයා ගත යුත්තේ අපමයි.
 විවිධත්වය තුළ කෙතරම් රමණීයත්වය පවතීද? අතේ සෑම ඇඟිල්ලකට ම ආවේණික වූ වටිනාකමක් ඇත්තා සේම අපටත් තනි තනිව ගත් කල විශාල කාර්යභාරයක් මේ සමාජය තුළ පැවරී ඇත. ඉතින් ඒ වගකීම ඉෂ්ට කළ හැක්කේ ඔබටම පමණයි.
සමාජයක් ලෙස ගොඩනැගීමට ඔබේ අපූර්වත්වයත් දායක කරවන්න. නිරායාසයෙන්ම ඔබට හිමි වටිනාකම ඔබටම සමාජයෙන් ලබා දෙනවා නිසැකය. සෑම අයකුටම හිමි අපූර්වත්වය ගැන සතුටු වන්න. කිමද ඒ සියල්ලක්ම රමණීයත්වයෙන් පිරී ඇත.

සරලයිද? සංකීර්ණ ද?

 සරලයිද? සංකීර්ණ ද?



     ජීවිතේ හැම දෙයක්ම සරල වෙනවනම් කොච්චර       හොඳයිද? හරිම සරලයි. එත් ඇත්තටම සරලයි ද? මොනවද   සරල? මොනවද සරල වෙන්න ඕනේ? කොහොමද සරල   වෙන්නේ? ටිකක් විතර සංකීර්ණයි. නමුත් වචනෙ සරලයි.   ජීවිතය පිළිබඳ තීරණ ගන්නා වයසේ සිටින   තරුණයෙකුගෙන් ඇසූවොත් ජීවිතය ඉදිරියේදී ගෙවීමට   කැමති කුමන අයුරකින් ද කියා.. බොහෝ දෙනෙකුගේ   පිළිතුර වැඩි දෙයක් නෑ... තමන්ටම කියා ගේ කුයි,   වාහනයකුයි, හොඳ පවුලක් එක්ක සරල ජීවිතයක්   තිබුනානම්  හොඳයි. වැඩි ප්‍රශ්න නෑ කන්න බොන්න අඳින්න   පළඳින්න තිබුනනං ඇති.
 මෙය සරල කම ද? සරල කම මෙය නම් මේ තුළ ම   සංකීර්ණ  කම කෙතරම් ඇති ද? ප්‍රශ්න අවම සරල ජීවිතයක්                                                     අත්පත් කරගන්නවා යන්නම කෙතරම් සංකීර්ණ ද?


   ගමනක් ගතහොත් ගමන් මගේ අවසානම ලක්ෂය සරල කම ලෙස හඳුන්වන්නට පුළුවන. එම ගමනේ මුල මැද සහ ගමන පුරාම ඇත්තේ සංකීර්ණත්වය යි. "සංකීර්ණ" නම් වචනය නොමැතිව සරල කම කෙසේ හඳුනාගන්නද?  එකිනෙකට අවියෝජනීය වචන දෙකක්. එකම ගමන්මගක ආරම්භයක් සහ වසාන යක් වැනි. අන්ත දෙකක් වුවද ආරම්භය කින් තොර අවසානයක්ද අවසානයකින් තොර ආරම්භයක්ද මෙලොව නැත.
කටවහරට වුවද අප මිනිසුන් පවා හදුන්වන්නට මේ සරල යන වචනය යොදන්නට හරි ප්‍රියයි. එයා හරි සරල කෙනෙක්. කතාව හරි සරලයි. පෙනුම හරි සරලයි. අපේ සිතෙහි දැන් මවුනු රුවත් හරි සරලයි. සුන්දරයි. සැබවින්ම මෙම සරල කම ඇත්තේ එම තැනැත්තිය තුළද? නැත්නම් දකින කෙනාගේ ඇස තුළ ද? කෙනෙකු දොඩනා බස් සරල වන්නේ එය අසන කෙනා හට පහසුවෙන්ම වටහාගත හැකි නම් ය. එසේ නම් එය අසන්නා ගේ ඇති පසුතලය හා හැකියාව ද? නැතිනම් පවසන්නා පවසන දෙය වැටහෙන අයුරින් පැවසීමට ඇති කුසලතාව ද? තවත් එක් සංකීර්ණ මුලකට පැමිණියා සේ හැඟෙන්නේ මේ පිළිබඳව තව තවත් සිතෙනා විට දී.


සංකීර්ණ වන්නට ඉතා නුවණැත්තෙකුට මෙන්ම මානසික රෝගියෙකුට ද පුලුවන්. දාර්ශනිකයකුට හැකියි ඔහුගේ වචන සංකීර්ණව හසුරවන්නට. මානසික රෝගියෙකුට ද හැකි ඔහුගේ ක්‍රියා වචන සංකීර්ණව, කාහටවත් නොතේරෙන අයුරින් හසුරුවන්නට. ඕනෑ දෙයක් ඕනෑම කෙනෙකුට වැටහෙන පරිදි ඉදිරිපත් කිරීමට හැක්කේ කාහටද? නැතහොත් ඕනෑම දෙයක් හොඳින් වැටහෙන පරිදි ග්‍රහණය කරගත හැක්කේ කාහටද? සරල විය යුත්තේ සන්නිවේදකයාද? ග්‍රාහකයා ද? නැතහොත් දෙදෙනාම ද?


සරලව ගතහොත් සරල ජීවිතයක් ගත කරන්නට කවුද අකමැති? සිතූ තරම් එයත් සරල නොවේ නේද? ඒ සරල අන්තයට ලඟාවීමට සංකීර්ණ සංධිස්ථාන කීයක් නම් පසුකිරීමට සිදු වේවිද? අපි එය තරණය කරමු. ගමන කුමක් වුවත් ආපස්සට යාමට ඔට්ටු නැත. අවසානයේ ඇති සුන්දර නවාතැනට නෙත් යොමුකර අපගමන අරඹමු. ඒ සංකීර්ණ සරල කම ගමන් අන්තයේ අප එනතුරු බලා සිටි. හරි සරලයි. සංකීර්ණ වුණත් සරලයි. හැමදේම සරල පරිදිම හැමදේම සංකීර්ණයි. ජීවිතය නම් එයයි. 

Monday, May 22, 2023

දිශාව

 දිශාව


Wrong Side යන්නේ නැතුව හරිම Side එක අපි තෝරගමු....





ප්‍රධාන දිශා සතරකි. උතුර, නැගෙනහිර, දකුණ සහ බස්නාහිර. අනු දිශාද සතරකි. ඊසාන, ගිනිකොන, නිරිත සහ වයඹ. මේ කාවුවද දන්නා දිශා අටයි. කුඩා කල සිටම මවුපියන්, ගුරුවරුන් ඉගැන්වූ දිශා අටයි. අප යායුතු දිශාව කුමක්ද?
මෙයයි සැබෑම ගැටලුව යා යුතු දිශාව කුමක්ද? යායුතු දිශාව ඇත්තේ කොහේද? යායුතු දිශාව අපට පෙන්වන්නේ කවුරුන්ද? මෙය සොයා ගන්නෙ කෙසේද? දැනට අප හැරී සිටින දිශාව නියම දිශාව ද? එසේ නැත්නම් සිටිනා තැනින් හැරිය යුතු තවත් සුදුසුම දිශාවක් තිබේද? ගැටළු නම් බොහෝය.. පිළිතුරු කොහේද?? අවසානයේ එයත් තවත් ප්‍රශ්නාර්ථයකි?? කෙසේ වුවද යායුතු දිශාව සොයා ගත යුතුය. එයට අනුවයි ජීවිතය ගොඩනැගී ඇත්තේ. 
බොහෝ දෙනා ජීවිතයේ සතුට සොයා යන්නේ ජීවිතය විඳීමට බලාපොරොත්තුවෙන්. මේ සතුට ලබා ගැනීමට අපට උපකාරී වන එක් සාධකයක් මුදල්. මේ සාධකය ලබාගැනීමට ඇතැමෙක් මුළු ජීවිත කාලයම ගෙවා දමයි. මුදල් සතුට සොයා ගැනීමට උපකාරී වන එක් සාධකයක් පමණක් බව අමතක වේ. දැනටත් අපි බොහෝ දෙනා සිරවෙන තැනකි මෙය. සතුට ද? මුදල් ද? පුංචි කල සිට ඇතැම් අවස්ථාවල මේ අතර අප ගැටේ. උදාහරණයක් ගත හොත් අපොස සාමාන්‍ය පෙළ විභාගයට තෝරාගන්නා විෂයන් වල දී පවා මෙය මතුවේ. මම තෝරා ගන්නා විශයේ අන්තර්ගතය නොව එයින් මට අනාගතයේ දී ඇති ඵලය කුමක්ද? රැකියාවක් සොයා සොයාගැනීමේදී එය මට උපකාරී වේද? එම අවස්ථාවේ ගොඩනැඟුණු සරල ගැටලුවක් වුවද, එයට සරල පිළිතුරක් ද හමු වුවද  සැබැවින්ම එය ගැටළුවට තාවකාලිකව පිළිතුරක් පමණි.
අප ගැටෙන්නෙ නිගාමි විද්‍යාවක් සමග නොව. සමාජයක් සමඟ. සෑම දෙයක්ම අවිනිශ්චිතයි, සාපේක්ෂයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට අපූර්වත්වයක් ඇත. පොදුවේ සාමාන්‍යකරණය කෙරුණු කරුණු තිබිය ද එක් තැනැත්තෙකුට සුදුසු දේ තවත් අයෙකුට සම්පූර්ණ අහිතකර විය හැකි. අප තෝරාගත යුත්තේ අපට සුදුසු දිශාවයි. තීරණ ගැනීමේදී අප ගැටෙන පිළිතුරු අතරින් අප සෙවිය යුත්තේ අප යා යුතු දිශාවයි. නිවැරදි දිශාව හඳුනා  ගත්තද ඒ අතට හැරී පියනැගීමට අපට ආත්මවිශ්වාසයක්, ශක්තියක් තිබේ ද? පුංචි කල සිට දරුවකු ප්‍රගුණ කළ යුත්තේ මෙයයි. ශක්තිමත් කොදුනාරටියක් සහිත පුද්ගලයෙකු බිහි විය යුත්තේ. නියම තීරණය ගන්න සැක සිතක් කුමකටද? නිවැරදි දිසාවෙන් කිසි විටෙකත් දෙනෙත් අහකට නොදමන්න. අප ජීවත් කරවන්නේ සිහිනයි. ඒ නිදි පැදුරේදි දකින සිහින නොවේ. දෙනෙත් හොඳින් විවෘත කර දහවලේදී දකිනා හීනයි. එහෙත් අපට සැබැවින්ම තිබිය යුත්තේ සිහිනයකට වඩා එහා ගිය අරමුණකි. සිහින බොද වීමට හැක. නමුත් අරමුණු කරා යාමට ඇති දුර පමණක් වෙනස් වනු ඇත.
 අදෘශ්‍යමාන කුමක් හෝ දිශාවකට අපගේ මුළු දිවියම පියනගන්නේ. නමුත් ඒ කුමක් හෝ දිශාව නිවැරදි සුදුසුම දිශාව ද යන වගයි සිතිය යුත්තේ. දෙගුරුන් ඉගැන්විය යුත්තේ ස්ථාවර දිශා අට පමණක්ම නොවෙයි යායුතු දිශාවයි. ඒ සඳහා ශක්තිමත් විය යුත්තේ කෙසේද යන්නයි. අවසානයේ අපේ දිශාව තීරණය කරන්නේ අපමයි.


Your lifestyle matters.

stay healthy  You need to stay healthy to run this journey...