Wednesday, May 24, 2023

විවිධත්වයේ වටිනාකම්

 විවිධත්වයේ වටිනාකම්


"අතේ ඇඟිලි පහම එක වගේ නෑ"

     මේක අපි ඕනම කෙනෙක් පොඩි කාලේ ඉඳන් හොඳින්ම දන්න දෙයක්. අත දෙස මොහොතකට එයටම සිත යොමුකර බලන්න..ඔව් බැලූ බැල්මට එක හැඩයක් තිබුනත් ඇඟිලි පහම එකිනෙක ට වෙනස්. එක ඇඟිල්ලක් හරි ටිකක් දරුණුවට තුවාල වුනොත් ඒ පාඩුව අනිත් ඇඟිලි වලට ද, මුළු අතටම ද, මුළු ශරීරයටම දැනෙනවා. අතේ නම් ඇඟිලි පහක් තිබුනට ලෝකෙ මිනිස්සු බිලියන ගණනාවක් ඉන්නවා.එකිනෙකට සම්පූර්ණයෙන්ම විවිධ මිනිස්සු බිලියන 7.8 ක් ලොව පුරා වාසය කරනවා. මේ සෑම අයෙකුම පෙර නුදුටු විරූ අපූර්වත්වයකින් යුක්තය. ලොව වාසය කරන සෑම පුද්ගලයෙකුම ඔබ වගේ වුණහොත් තැනක් වේවි ද? විවිධ අලස කමින් පිරේවී ද? යහපත් වේවි ද? අයහපත් වේවිද? සුන්දර වේවිද? එයට පිළිතුර ඔබේ සිතේ ඔබට පමණක්   පෙනෙන තැනක නිදන් වී පවතී. ඔබ ඔබට වටිනාකමක් මේ සමාජය තුළ හිමිකර දී තිබෙනවාද? තමන් දන්නා දෙයින් තමන්ට පුළුවන් දෙයින් වටිනාකමක් ගොඩනගාගෙන තිබෙනවා ද? මව පියාට සහෝදර සහෝදරියන්ට ගුරුවරුන්ට යහලුවන්ට එය කළ නොහැකියි. අප ජීවිත කාලය තුළ රැස් කර තිබෙන දෙයින් පමණයි අපිට අපේ වටිනාකම ගොඩනැගිය හැක්කේ.


රතු නම් ප්‍රබල වර්ණයෙන් වර්ණවත් වූ මල් සහිත ගස් ඇති වතුයායක එක දම් පාට මල් සහිත ගසක් තිබුණහොත් කෙතරම් වර්ණය ප්‍රබල වුවත් අප දෙනෙත් යොමු වන්නේ නිසැකවම දම්පාට ගසටම ය. කෙතරම් ප්‍රබල වුවද ජනප්‍රිය වුවද එයට වඩා වටිනාකමක් අපගේ අපූර්වත්වය තුළ අපට ගොඩනඟා ගත හැක. යහපත් දෙයින් ආදර්ශයක් ගෙන එහි වටිනාකම් සමාරෝපණය කර අප අපවම ගොඩනඟා ගන්නවා මිස අනුකරණය කිරීමක් තුලින් අපට වටිනාකමක් ගොඩනැගීම අපහසුය.
සරළව ගතහොත් වෙන අයෙකු අනුකරණය කරමින් එම චරිතය වගේ වනවාට වඩා තමා තමා තුළම සිට තමන්ගෙ වටිනාකම් ගොඩනැගිය යුතුයි. මහාචාර්ය.Stephen Hawkings ට වටිනාකමක් එක් වුණේ ඔහු වගේ තව පුද්ගලයින් ලොව බිහිවී නැති නිසයි. ඔහු වගේ ලොව තවත් අය සිටියා නම් ඔහුත් තවත් එක් පුද්ගලයෙක් ම පමණයි. අපූර්වත්වය තුළයි වටිනාකම්වලත් නිධාන වැළලී ඇතතේ.
අප සොයනා නිධානයත් අපගේ අපූර්වත්වය තුළම වැළලී ඇත. එම නිධාන සොයාගැනීමට අවශ්‍ය උපකරණ සොයා ගත යුත්තේ අපමයි.
 විවිධත්වය තුළ කෙතරම් රමණීයත්වය පවතීද? අතේ සෑම ඇඟිල්ලකට ම ආවේණික වූ වටිනාකමක් ඇත්තා සේම අපටත් තනි තනිව ගත් කල විශාල කාර්යභාරයක් මේ සමාජය තුළ පැවරී ඇත. ඉතින් ඒ වගකීම ඉෂ්ට කළ හැක්කේ ඔබටම පමණයි.
සමාජයක් ලෙස ගොඩනැගීමට ඔබේ අපූර්වත්වයත් දායක කරවන්න. නිරායාසයෙන්ම ඔබට හිමි වටිනාකම ඔබටම සමාජයෙන් ලබා දෙනවා නිසැකය. සෑම අයකුටම හිමි අපූර්වත්වය ගැන සතුටු වන්න. කිමද ඒ සියල්ලක්ම රමණීයත්වයෙන් පිරී ඇත.

5 comments:

Your lifestyle matters.

stay healthy  You need to stay healthy to run this journey...